ඉතිහාසය

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය


1987අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනත යටෙත් හල්දුම්මුල්ල  ප්‍රාදේශිය සභාව පිහිටුවිමට පෙර මෙය කන්ද පල්ල කෝරල‍යේ  අංක 01 ගම් කාර්ය සභාව වශයෙන් ක්‍රියාත්මක විය.ලංකාවේ ප්‍රථම‍යෙන්ම පිහිට වු ගම් කාර්ය සභාව අතර ‍මෙම ගම් කාර්ය සභාවද එකකි. මුලින්ම  කන්ද පල්ල කෝරල‍යේ සදහා කම ගම් කාර්ය සභාවක් තිබු අතර පසුව කන්ද පල්ල අංක 01 කාර්යාලය සහ අංක 02 කාර්යාලය වශයෙන් ගම් කාර්ය සභා දෙකක් පිහිටුවන ලද්දේ  ප්‍රදේශයේ විශාලත්වය සහ ගමනා ගමන පහසුකම් සතුටුදායක නොවු බැවිනි. එම ගම් කාර්ය සභා දෙකහි අංක 01 කාර්යාලය සහ සභාව හල්දුම්මුල්ල මධ්‍ය ගත වු අතර අංක 02  කාර්යාලය කොස්ලන්ද මධ්‍ය ගත විය. මෙම අංක 02  කාර්යාලය කාලයක් නිකෙපාත පැවති බවටද තොරතුරු තිබේ.
අප  ගේ කතා බහට ලක් වන කන්ද පල්ල අංක 01 සභාවේ කාර්යාලය කළෙක කළුපහණ මහ හෙළ වත්තේ ස්ථානයකත් පසුව ප්‍රධාන මාර්ගය අසල ගම්වසම් ගමේ ස්ථානයකත් පවත්වාගොස් ඇත. හාල්අටුතැන්නේ දැනට ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය අසල ස්ථානයකට එය රැගෙන විත් ඇත්තේ පසුවයි. එදා ගම් කාර්ය සභාවට පැවෙරන කාර්යයන් අතර    ප්‍රදේශයේ අදාල මං මාවත් නඩත්තුව,ළිං පිහිළි සහ සුළු පරිමාණෙය් වාරි මාර්ග පවත්වා ගැනිම ආදි  විෂයයන් ප්‍රධාන තැනක් ගන්නා ලදි. එහි ප්‍රධානියා වුයේ   සභාපතිවරයායි. එදා සභාවට පත් කලේ නිදහස් රහස් ජන්දෙයනි. ඒසේ ජන්දෙයන් පත් කර ගත් නියෝජිතයන් 7 දෙනකු මෙම සභාවේ සිටි බව කියැවේ. කන්ද පල්ල කෝරල‍යේ ගම් සභාව ගැන කතා කරන විට එහි සභාපතිවරයකු ලෙස රිචඩ් විල්ෆඩ් නිකෙපාත නම් මහතකුගේ නම සදහන් ‍වේ.  කන්ද පල්ල අංක 01 වෙන් වුවාට පසු එහි ප්‍රථම සභාපතිවරයා වි ඇත්තේ කළුපහණ එච්.එම්. අප්පුහාමි කෝරළේ මහතායි. එතුමාගෙන් පසුව එතුමාගේ සොහොයුරු එච්.එම්. පුංචි මහත්මයා මහතා එම පදවිය දිගු කලක් පවත්වාගෙන ගොස් ඇත.


ක්‍රි.ව 1987 වර්ෂෙය්දි මෙය  ප්‍රාදේශිය සභාවක් බවට පත් කරන තුරු ගම් කාර්ය සභාවේ ඉතිහාසය පැහැදිලි ලෙස දැනගැනිමට අවශ්‍ය ලිපි ලේඛණ මේ වන විට කිසිවක් නැත. ඒ 1988 – 89 කාලය තුල පැවති දේශපාලන අරගලෙය්දි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම නව කාර්යලය ගිනි තැබිම නිසා එකී ලේඛන ගින්නට හසු වු   බව බොහෝ දෙනාගේ අදහසයි.
ක්‍රි.ව. 1987මෙම ප්‍රාදේශිය සභාව හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව යනුවෙන් නම් කර තිබේ. මීට අයත් බල ප්‍රදේශය කන්ද පල්ල කෝරල‍යයි. දැනට එහි උප කාර්යාලයක් කොස්ලන්දේද පවත්වාගෙන යනු ලැබේ. බලතල අනුව මෙයද පැරණි ගම් කාර්ය සභාවට බොහෝ දුරට සමානය. දැනට සිටින මංත්‍රිවරු ගණන 11 කි. ප්‍රාදේශිය සභා පිහිටුවිමෙන් පසු දැනට ක්‍රියාත්මක වන්නේ සිව් වන ප්‍රාදේශිය  සභාවයි. මෙහි මුල්ම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වුයේ කිර්ති බණ්ඩාර කදුරුගමුව මහතායි. ඉන් පසු අවස්ථා තුනකදිම ප්‍රගති අනුශල්‍ය මහතා පත්ව ඇත. වර්තමාන සභාපතිවරයා වන්නේ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ ආර්.එම්.ධනරත්න මහතායි.

1995 සිට මේදක්වා සභික නාම ලේඛණය

1995-1997
ගරු. සභාපති – කීර්තිරත්න බණ්ඩාර මයා
ගරු. උප සභාපති – එස්.එන්. සුගුමාරන් මයා
ගරු.මන්ත්‍රි ප්‍රගති අනුශල්‍ය මයා
ගරු.මන්ත්‍රි ආර්.එස්.ලෝගනාදන් මයා
ගරු.මන්ත්‍රි ඊ.එම්.ජයවීර බණ්ඩාර මයා
ගරු.මන්ත්‍රි අයි.ඩී. වොෂිංටන් මයා
ගරු.මන්ත්‍රි යූ.පී.හෙට්ටිගේ මයා
ගරු.මන්ත්‍රි එම්.ඩී.එම්. ලියනගේ මයා
ගරු.මන්ත්‍රි ගාමිණි සුමනසේකර මයා
ගරු.මන්ත්‍රි එස්.එම්. ජයතිලක මයා
ගරු.මන්ත්‍රි කේ.ඒ. මහින්ද හරිස්චන්ද්‍ර

1997-2003
ගරු. සභාපති – ප්‍රගති අනුශල්‍ය මයා
ගරු. උප සභාපති – එස්.එන්. සුගුමාරන් මයා
ගරු. මන්ත්‍රි ආර්.සිවසුබ්‍රමණියම් මයා
ගරු. මන්ත්‍රි ජේ.එම්.විපුල නන්දිත මයා
ගරු.මන්ත්‍රි ආර්.එම්. සුනිල් බෞද්ධසාර මයා
ගරු.මන්ත්‍රි යූ.පී.හෙට්ටිගේ මයා
ගරු.මන්ත්‍රි ඊ.එම්.ජයවීර බණ්ඩාර මයා
ගරු.මන්ත්‍රි ඩී.කේ.ඒ. ධර්මප්‍රිය බණ්ඩාර මයා
ගරු.මන්ත්‍රි කේ.කේ.ඒ. අනුරකුමාර මයා
ගරු.මන්ත්‍රි ඩබ්ලියූ.එම්.විජේරත්න මයා
ගරු.මන්ත්‍රි කේ.එම්. ධර්මපාල බණ්ඩාර මයා

2003-2006
ගරු. සභාපති – ගරු. ප්‍රගති අනුශල්‍ය මයා
ගරු. උප සභාපති – එස්.අශෝක් කුමාර් සිංගමුත්තු මයා
ගරු මන්ත්‍රි එස්.එන්. සුගුමාරන් මයා
ගරු.මන්ත්‍රි යූ.පී.හෙට්ටිගේ මයා
ගරු.මන්ත්‍රි ඊ.එම්.ජයවීර බණ්ඩාර මයා
ගරු.මන්ත්‍රි කේ.පී.ටී. නෙළුම් වික්‍රමසූරිය මයා
ගරු.මන්ත්‍රි ආර්.එම්. සුනිල් බෞද්ධසාර මයා
ගරු.මන්ත්‍රි එස්.එම්.අමරසේන මයා
ගරු.මන්ත්‍රි ඩබ්ලියූ.එම්.ඉන්‍ද්‍රලාල් පද්මසිරි මයා
ගරු.මන්ත්‍රි ආර්.එම්. ධනරත්න මයා
ගරු. මන්ත්‍රි ‍‍එස්.යෝගනාදන් මයා.

2006-2011
ගරු. සභාපති – ආර්.එම්. ධනරත්න මයා
ගරු. උප සභාපති ඩබ්ලියූ. එම්.ගයාන් ගීත් කළුපහණ මයා
ගරු මන්ත්‍රි කේ.ජී.අතුලතිස්ස මයා
ගරු මන්ත්‍රි එම්.උපුල් නිශාන්ත ඩයස් මයා
ගරු මන්ත්‍රි කේ. සුන්දරලිංගම් මයා
ගරු මන්ත්‍රි පී.ඩබ්ලියූ.ඒ. චන්ද්‍රපාල මයා
ගරු මන්ත්‍රි ප්‍රගති අනුශල්‍ය මයා
ගරු මන්ත්‍රි එස්.එන්. සුගුමාරන් මයා
ගරු.මන්ත්‍රි යූ.පී.හෙට්ටිගේ මයා
ගරු මන්ත්‍රි එස්.අශෝක් කුමාර් සිංගමුත්තු මයා
ගරු.මන්ත්‍රි එල්.ඒ. චන්ද්‍රසිරි පෙ‍රේරා මයා

2011 – 2015
ගරු. සභාපති – ආර්.එම්. ධනරත්න මයා
ගරු. උප සභාපති එස්.අශෝක් කුමාර් සිංගමුත්තු මයා
ගරු.මන්ත්‍රි යූ.පී.හෙට්ටිගේ මයා
ගරු මන්ත්‍රි පී.ඩබ්ලියූ.ඒ. චන්ද්‍රපාල මයා
ගරු මන්ත්‍රි එම්.එල්.එන්. ප්‍රියන්ත අනුරකුමාර මයා
ගරු මන්ත්‍රි කේ.ජී.අතුලතිස්ස මයා
ගරු මන්ත්‍රි ගරු.මන්ත්‍රි එල්.ඒ. චන්ද්‍රසිරි පෙ‍රේරා මයා
ගරු මන්ත්‍රි ප්‍රගති අනුශල්‍ය මයා
ගරු මන්ත්‍රි එස්.එන්. සුගුමාරන් මයා
ගරු මන්ත්‍රි ජී.බි. නිමල් කරුණාරත්න මයා
ගරු මන්ත්‍රි එන්.එස්. ශ්‍රී කාන්තන් මයා

2018 සිට මේ දක්වා

ගරු සභාපති එස්.අශෝක් කුමාර් මහතා
ගරු උප සභාපති හෙට්ටිගේ උපුල් ප්‍රියන්ත මහතා
ගරු මන්ත්‍රී පි.ඩබ්.ඒ.චන්ද්‍රපාල විදානආරච්චි මහතා
ගරු මන්ත්‍රී එල්.ඒ.චන්ද්‍රසිරි පෙරේරා මහතා
ගරු මන්ත්‍රී කේ.සුන්දරලිංගම් මහතා
ගරු මන්ත්‍රී එල්.ඒ.ඉන්දික ශ්‍රී ගුණවර්ධන මහතා
ගරු මන්ත්‍රී චමින්ද හෙට්ටිආරච්චි මහතා
ගරු මන්ත්‍රී ඒ.එන්.දමයන්ත කුමාර ගුණසේන මහතා
ගරු මන්ත්‍රී බි.ප්‍රියංගනි මහත්මිය
ගරු මන්ත්‍රී එම්.අසංක සල්ගාදු මහතා
ගරු මන්ත්‍රී මෝහනරාජ් දිනේෂ් මහතා
ගරු මන්ත්‍රී ටි.ඩබ්ලිව්.සුරංජිත් අමරවංශ මහතා
ගරු මන්ත්‍රී රුවන් පතිරණගේ ලයනා චන්ද්‍රකාන්ති මහත්මිය
ගරු මන්ත්‍රී ආර්.කේ.ප්‍රියදර්ශනී පෙරුන්ගොන්ඩාර් මෙනවිය
ගරු මන්ත්‍රී ඩබ්ලිව්.එඩබ්ලිව්.ඒ.ඩි.නිරූපා දිල්මිණි මහත්මිය
ගරු මන්ත්‍රී කරුපයියා සරස්වති මහත්මිය
ගරු මන්ත්‍රී කේ.සෙල්වරාජ් මහතා
ගරු මන්ත්‍රී නාගලිංගම් රාජේශ් මහතා
ගරු මන්ත්‍රී පී. සුදාහරන්  මහතා
ගරු මන්ත්‍රී ආර්.ජී කුසුමා ජයසිංහ මැණිකේ

සභාවේ ලේකම්ධුරය දැරු නිලධාරින්

1988 සිට 1992 දක්වා     B.J.සමරසේකර  මහතා
1992 සිට 1995 දක්වා     W.කොඩිතුවක්කු මහතා
1995 සිට 1997  දක්වා    S.K. කුලරත්න මහතා
1997 සිට 1999  දක්වා    R.M.ජයසුන්දර මහතා
1999 සිට 2005  දක්වා    R.M.P.රත්නායක මහතා
2005 සිට 2009 දක්වා     B.V.කරුණාජීව මහතා
2009 සිට මේ දක්වා        S.K. කුලරත්න  මහතා
ආර්.එම්.පී. රණවීර මහතා
විජිකාවෝ වසන්තිමාලා මහත්මිය
එල්.එම්. බන්දුපාල මහතා
වයි.එම්.යූ.බී. යාපා මහතා