![h-1](http://haldummulla.ps.gov.lk/wp-content/plugins/revslider/public/assets/assets/dummy.png)
![h-2](http://haldummulla.ps.gov.lk/wp-content/plugins/revslider/public/assets/assets/dummy.png)
![h-4](http://haldummulla.ps.gov.lk/wp-content/plugins/revslider/public/assets/assets/dummy.png)
![h-5](http://haldummulla.ps.gov.lk/wp-content/plugins/revslider/public/assets/assets/dummy.png)
![h-6](http://haldummulla.ps.gov.lk/wp-content/plugins/revslider/public/assets/assets/dummy.png)
![h-7](http://haldummulla.ps.gov.lk/wp-content/plugins/revslider/public/assets/assets/dummy.png)
![ps-1](http://haldummulla.ps.gov.lk/wp-content/plugins/revslider/public/assets/assets/dummy.png)
![ps-3](http://haldummulla.ps.gov.lk/wp-content/plugins/revslider/public/assets/assets/dummy.png)
ගරු සභාපති තුමාගේ පණිවිඩය
හල්දුම්මුල්ල ප්‍රදේශයේ සෞන්දර්යෙන් අනුන වූ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව වන අප රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ පළාත් පාලන ආයතනයක් ලෙස ජනතාවගේ සුභ සාධනය සහ සුඛ විහරණය පිණිස මහජන සෞඛ්‍ය, මංමාවත්, පොදු උපයෝගී සේවා මැනවින් වටහා ගෙන ඇති අතර එම සියළු පහසුකම් ආරක්ෂා කර දීම, විධිමත් කිරීම, පාලනය හා පරිපාලනය කිරීම මඟින් වඩා යහපත් වූත් සමාජ ප්රගමනයක් උදෙසා සොඳුරු භෞතික වටපිටාවක් තුල නිර්මාණශීලී නිවැරදි කළමණාකාරීත්වයකින් යුතුව සුහදශීලී හා ප්රශස්ත මට්ටමේ සේවාවන් සැපයීමට මා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත්, කාර්යය මණ්ඩලයත් නිරතුරුව කැපවී සිටින්නෙමු.
බාධක මඟින් ලැබූ පන්නරය ආශිර්වාදයක් කොට ගෙන ඉදිරි අභියෝගයන්ද ජය ගනිමින් නව ආදායම් මාර්ග ඇති කිරීමට හා එමගින් ප්‍රදේශයේ ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් සැපයීමට කටයුතු කරන්නෙමි.
සභාපති
එස්. අශෝක්කුමාර්
හැමදේම Online වෙන කාලයේ නිවසේ සිටම ප්‍රා දේශීය සභාවට ඕනෑම ගෙවීමක් කරන්න දැන් ඔබට පුළුවන්. ඔබගේ දුරකථන අංකය ඇතුළත් කර ඕනෑම බැංකු කාඩ්පතක් හරහා ගෙවීම් කරන්න
![](https://haldummulla.ps.gov.lk/wp-content/uploads/2024/08/Online-Payment-PNG-Image-HD-297x300.png)
PAY.CAT2020.LK
වෙත පිවිසෙන්න වැඩිදුර තොරතුරු සඳහා 0717406338 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
![secretary](https://haldummulla.ps.gov.lk/wp-content/uploads/2022/10/secretary.jpg)
සභා ලේකම්
Y.M.U.B. යාපා
සභා ලේකම් තුමාගේ පණිවිඩය
වර්තමාන කාර්යබහුල ලෝකයේ නව සංදිස්ථානයක් කරා යොමු වෙමින් පවතින අප තිරසාර සංවර්ධන සංකල්ප හා අභිමතාර්ථ සාක්ෂාත් කරගනු වස් සීමිත මානව හා භෞතික සම්පත මනාව මෙහෙයවමින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්නෙමු. ජනතාව වෙනුවෙන් විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. එහීදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ලෙස අප නව තාක්ෂණය හා එක්ව ගමන් කිරීමේ පියවර තබමින්, වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකිවීම සතුටුදායක කාරණයකි.
එහිදී රාජ්‍ය සේවයේ විනිවිදභාවය පවත්වාගෙන යමින් ජනතාවගේ දෛනික කාර්යයන් ඉටු කර දීමටත්, මහජන සෞඛ්‍ය, මංමාවත් හා පොදු උපයෝගීතා ප්රමුඛ කොටගත් සේවා සැපයීමටත් අප නිබඳවම බැඳී සිටින්නෙමු. දැනුම, ආකල්ප, කුසලතාවලින් සමන්විත රාජ්‍ය නිලධාරීන් සඵලදායීව ජනතා සේවා සඳහා යොමු කරමින් ජනතා අභිලාෂයන් ඉටු කර දීමට අප කැප වෙන්නෙමු.
සභා ලේකම්
වයි.එම්.යූ.බී. යාපා
ඔබගේ පැමිණිලි සඳහා
සේවා අවශ්‍යතා සඳහා පිවිසෙන ඔබගේ පැමිණිලි හා යෝජනා අප වෙත පහත පෝරමය මඟින් යොමු කරන්න.