








ගරු සභාපතිතුමාගේ පණිවිඩය ……….
හල්දුම්මුල්ල ප්‍රදේශයේ අධිකාරිය වන ප්‍රාදේශීය සභාව විසින් හල්දුම්මුල්ල ජනතාවගේ මහජන සුභසාධන හා මහජන උපයෝගිතා සේවා ආදී සේවාවන් සඳහා විවධ ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපෘති දියත් කරයි. මහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පහසුකම් විධිමත්ව පාලනය කරමින් ආරක්ෂාකාරී ලෙස පරිපාලනය කිරීම තුළින් යහපත් සමාජයක් උදෙසා නවමංපෙත් විවරකරමින් ආර්ථික හා සමාජීය ප්‍රගතියක් අත්කරගැනීමට කටයුතු කරයි.
තවද ප්‍රියමනාප භෞතික පරිසරයක් නිර්මාණය කරමින් මානසික සුවතාවයෙන් පිරිපුන් අනාගතයක් සඳහා මා සහ මාගේ කාර්යය මණ්ඩලය නිවැරදි කළමනාකරණයකින් යුක්තව මිත්‍රශීලි සේවාවක් ලබාදීමට කැපවී සිටිමි. වත්මන් අභියෝගයන් මනාව ජයගනිමින් නව ආදායම් මාර්ග නිර්මාණය කරමින් හල්දුම්මුල්ල බල ප්‍රදේශයේ සියලු පුරවැසියන් වෙනුවෙන් ප්රශස්ත හා ඵලදායී කාලෝචිත සේවාවක් ලබාදීමට මම කටයුතු කරමි.
ගරු සභාපති
ආර්.එම්. ජගත් කුමාර රාජපක්ෂ
077-8157425
සභා ලේකම්තුමාගේ පණිවිඩය

වර්තමාන කාර්යබහුල ලෝකයේ නව සංදිස්ථානයක් කරා යොමු වෙමින් පවතින අප තිරසාර සංවර්ධන සංකල්ප හා අභිමතාර්ථ සාක්ෂාත් කරගනු වස් සීමිත මානව හා භෞතික සම්පත මනාව මෙහෙයවමින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්නෙමු. ජනතාව වෙනුවෙන් විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. එහීදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ලෙස අප නව තාක්ෂණය හා එක්ව ගමන් කිරීමේ පියවර තබමින්, වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකිවීම සතුටුදායක කාරණයකි.
එහිදී රාජ්‍ය සේවයේ විනිවිදභාවය පවත්වාගෙන යමින් ජනතාවගේ දෛනික කාර්යයන් ඉටු කර දීමටත්, මහජන සෞඛ්‍ය, මංමාවත් හා පොදු උපයෝගීතා ප්රමුඛ කොටගත් සේවා සැපයීමටත් අප නිබඳවම බැඳී සිටින්නෙමු. දැනුම, ආකල්ප, කුසලතාවලින් සමන්විත රාජ්‍ය නිලධාරීන් සඵලදායීව ජනතා සේවා සඳහා යොමු කරමින් ජනතා අභිලාෂයන් ඉටු කර දීමට අප කැප වෙන්නෙමු.
සභා ලේකම්
වයි.එම්.යූ.බී. යාපා
හැමදේම Online වෙන කාලයේ නිවසේ සිටම ප්‍රා දේශීය සභාවට ඕනෑම ගෙවීමක් කරන්න දැන් ඔබට පුළුවන්. ඔබගේ දුරකථන අංකය ඇතුළත් කර ඕනෑම බැංකු කාඩ්පතක් හරහා ගෙවීම් කරන්න

PAY.CAT2020.LK
වෙත පිවිසෙන්න වැඩිදුර තොරතුරු සඳහා 0717406338 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
ඔබගේ පැමිණිලි සඳහා
සේවා අවශ්‍යතා සඳහා පිවිසෙන ඔබගේ පැමිණිලි හා යෝජනා අප වෙත පහත පෝරමය මඟින් යොමු කරන්න.