සභා ලේකම්තුමාගේ පණිවිඩය

සභා ලේකම් තුමාගේ පණිවිඩය වර්තමාන කාර්යබහුල ලෝකයේ නව සංදිස්ථානයක් කරා යොමු වෙමින් පවතින අප තිරසාර සංවර්ධන සංකල්ප හා අභිමතාර්ථ සාක්ෂාත් කරගනු වස් සීමිත මානව හා භෞතික සම්පත මනාව මෙහෙයවමින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්නෙමු. ජනතාව වෙනුවෙන් විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. එහීදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ලෙස අප නව තාක්ෂණය හා එක්ව ගමන් කිරීමේ පියවර තබමින්, වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකිවීම සතුටුදායක කාරණයකි. එහිදී රාජ්‍ය සේවයේ විනිවිදභාවය පවත්වාගෙන යමින් ජනතාවගේ දෛනික කාර්යයන් ඉටු කර දීමටත්, මහජන සෞඛ්‍ය, මංමාවත් හා පොදු උපයෝගීතා ප්‍රමුඛ කොටගත් සේවා සැපයීමටත් අප නිබඳවම බැඳී සිටින්නෙමු. දැනුම, ආකල්ප, කුසලතාවලින් සමන්විත රාජ්‍ය නිලධාරීන් සඵලදායීව ජනතා සේවා සඳහා යොමු කරමින් ජනතා අභිලාෂයන් ඉටු කර දීමට අප කැප වෙන්නෙමු. සභා ලේකම් වයි.එම්.යූ.බී. යාපා

වර්තමාන කාර්යබහුල ලෝකයේ නව සංදිස්ථානයක් කරා යොමු වෙමින් පවතින අප තිරසාර සංවර්ධන සංකල්ප හා අභිමතාර්ථ සාක්ෂාත් කරගනු වස් සීමිත මානව හා භෞතික සම්පත මනාව මෙහෙයවමින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්නෙමු. ජනතාව වෙනුවෙන් විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. එහීදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ලෙස අප නව තාක්ෂණය හා එක්ව ගමන් කිරීමේ පියවර තබමින්, වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකිවීම සතුටුදායක කාරණයකි.

එහිදී රාජ්‍ය සේවයේ විනිවිදභාවය පවත්වාගෙන යමින් ජනතාවගේ දෛනික කාර්යයන් ඉටු කර දීමටත්, මහජන සෞඛ්‍ය, මංමාවත් හා පොදු උපයෝගීතා ප්‍රමුඛ කොටගත් සේවා සැපයීමටත් අප නිබඳවම බැඳී සිටින්නෙමු. දැනුම, ආකල්ප, කුසලතාවලින් සමන්විත රාජ්‍ය නිලධාරීන් සඵලදායීව ජනතා සේවා සඳහා යොමු කරමින් ජනතා අභිලාෂයන් ඉටු කර දීමට අප කැප වෙන්නෙමු.

සභා ලේකම්

වයි.එම්.යූ.බී. යාපා

හැමදේම Online වෙන කාලයේ නිවසේ සිටම ප්‍රා දේශීය සභාවට ඕනෑම ගෙවීමක් කරන්න දැන් ඔබට පුළුවන්. ඔබගේ දුරකථන අංකය ඇතුළත් කර ඕනෑම බැංකු කාඩ්පතක් හරහා ගෙවීම් කරන්න


PAY.CAT2020.LK

වෙත පිවිසෙන්න වැඩිදුර තොරතුරු සඳහා 0717406338 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න

අපේ දැක්ම

විශිෂ්ඨ  හා කාර්යක්ෂම සේවාවක් තුලින් ප්‍රදේශයේ පොදු සංවර්ධනයක් ගොඩනැඟිම.

අපේ සේවය

කාර්යාලය
සදුදා – සිකුරාදා
පෙ.ව 8.30 – ප.ව 4.30

අපේ මෙහෙවර

ප්‍රදේශයේ මහජන සුඛ විහරණය සඳහා පොදු පහසුකම් වැඩිදියුණු කිරිම  හා සේවා අප්‍රමාදව සැලසීම.

ඔබගේ පැමිණිලි සඳහා

සේවා අවශ්‍යතා සඳහා පිවිසෙන ඔබගේ පැමිණිලි හා යෝජනා අප වෙත පහත පෝරමය මඟින් යොමු කරන්න.

හල්දුම්මුල්ල ප්‍රදේශයේ සංචාරක ස්ථාන